Siyane Avurudu Kumariya Selections.


කොළඹ ව්‍යාපාරික සංගමය , නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය සමග එක්ව සංවිධානය කළ SLTMobitel සියනෑ අවුරුදු මේලා වෙළඳ ප්‍රදර්ශනය අප්‍රේල් පළවෙනිදා සිට එකොළොස් වැනිදා දක්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති වලට යටත් ව පවත්වන ලදී .

එහිදී ශ්‍රී ලංකාවේ වසර 53 ක පැරණි ඉතිහාසයක් ඇති එකම කාන්තා පුවත්පත වන තරුණි පුවත්පත සමග තරුණී සියනෑ අවුරුදු කුමාරි තේරීමේ තරගය,දිවයිනේ නන් දෙසින් පැමිණි අයදුම්පත් තෝරා ගැනීමෙන් පසු අප්‍රේල් මස 10 වන දින ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් වන; 2017 Mrs ශ්‍රී ලංකා - ෂෙනාලි පෙරේරා,ප්‍රවින නර්තන ආචාර්ය - Anjana Rajapaksha, ජ්‍යෙෂ්ඨ නීතිඥ උපේන්ද්‍ර විජේතුංග, චිත්‍රපට අධ්‍යක්ෂක හර්ෂ උඩකන්ද ,The Walk Academy දිල්හානි දේදුනු, රූපලාවණ්‍ය ශිල්පී ඉනෝකා කාරියවසම්, තරුණී පුවත්පතේ ප්‍රධාන කර්තෘ ඉඳුනිල් වීරරත්න, යන විනිසුරු මඩුල්ල සහ ශෙනාලි පෙරේරා, දිල්හානි දේදුනු යන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ප්‍රධානත්වයෙන් තරගකරුවන් සඳහා වැඩමුළුවක් සහ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන් වන ඉනෝකා කාරියවසම් මනෝරි ජයවීර සහ රම්‍යා මල්කාන්ති අතින් හැඩගැන්වූ මනාලියන් දැක්මක් ද සමඟ ඉතාම සාර්ථකව අවසන් කිරීමට හැකි විය.

මෙම අවස්ථාව සඳහා නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීම් සහ ප්‍රජා පවිත්‍ර කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමන් ,ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර මැතිතුමන්, ලේක්හවුස් ආයතනයේ සභාපති ජනාධිපති නීතිඥ පී දයාරත්න මැතිතුමන්, SLTMobitel ආයතනයේ ප්‍රධාන අලෙවි විධායක නිලධාරී, තරුණී පුවත්පතේ ප්‍රධාන කර්තෘ ඉඳුනිල් වීරරත්න, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති සම්පත් සුබසිංහ