Opening Ceremony of AsiDisi Avurudu Mela.


ජනමාධ්‍ය අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ කොළඹ ව්‍යාපාරික සංගමය විසින් සංවිධානය කළ ඇසි දිසි අවුරුදු මේලා වෙළඳ ප්‍රදර්ශනය අප්‍රේල් මස 08 09 10 යන තෙදින තුළ රූපවාහිනී පරිශ්‍රය ඉදිරිපිට ප්‍රේමකීර්ති ද අල්විස් මාවතේ දී පවත්වන ලදී.

දේශීය ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම තුළින් දේශීය ආර්ථිකයක් ගොඩනැගීම අරමුණ කරගෙන කොළඹ දිස්ත්‍රික්කය තුළ සිටින සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයාට ඔවුන්ගේ නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන ගුණාත්මකභාවය, මනා ඇසුරුම්කරණය, තාක්ෂණය, වෙළඳ ප්‍රවර්ධනය, වෙළඳ සන්නාමයන්, මූලික ප්‍රාග්ධනය සහ පුළුල් වෙළඳපොළක් නිර්මාණය කර දීම තුළින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම මෙහි මූලික අභිප්‍රාය වෙයි.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් විජේවීර මැතිතුමන් මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මැතිතුමන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය මැතිතුමන් SLTMobitel ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හුවාවි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කිස්ටෝපර් ලී සංවර්ධන ලොතරැය් මණ්ඩලය අධ්‍යක්ෂ ජනරාල්තුමා අත්වැල පදනමේ සභාපති ආචාර්ය අමිල කංකානන්ගේ මැතිතුමන් කොළඹ ව්‍යාපාරික සංගමයේ සභාපති ආරියසීල වික්‍රමනායක මැතිතුමන් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මැතිතුමා රටට අභිමානයක් ගෙන ආ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මැතිතුමන් සහ ජනප්‍රිය රංගන ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් උත්සවය සමාරම්භය සනිටුහන් වන ලදී.